Home » බෙලිඅත්තේ අනතුරකින් අයෙක් මරුට – 5කට තුවාල

බෙලිඅත්තේ අනතුරකින් අයෙක් මරුට – 5කට තුවාල

by chanaka
October 6, 2024 9:37 am 0 comment

බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය සදහන් කරයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ, කාර් රථයේ ගමන් ගත් බෙලිඅත්ත වහරක්ගොඩ අලහේන ලිපිනයේ පදිංචි බාලමානගේ ආරියපාල නමැති 72 හැවිරිදි අයෙකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තුවාලකරුවන් 5දෙනා තංගල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT