Home » නිසි මිළක් නොමැති කමින් ලොකු ළුණු ගොවීන් කබලෙන් ලිපට

නිසි මිළක් නොමැති කමින් ලොකු ළුණු ගොවීන් කබලෙන් ලිපට

by chanaka
October 6, 2024 9:33 am 0 comment

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යළකන්නය වෙනුවෙන් විශාල ප්‍රදේශයක ලොකු ලුණු වගාකළ ද, ගොවීන්ගේ ළුණු අස්වැන්න සදහා නිසි මිළක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත්වීමට සිදුවන බව ගොවිහූ පවසති.

ගොවීන් පෙන්වා දෙන්නේ ළුණු කිලෝවක් සදහා තොග වෙළඳපොලේ රුපියල් 160 – 170 කට ආසන්න මුදලකට පැවතීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

ගොවින් මෙලෙස වගාකල ලොකු ලුණු අඩු මුදලකට අලෙවි කිරීමෙන් මොවුන්ට කිසිදු ලාභයක් නොමැති බවත් , එමගින් වගාව සඳහා ලබාගත් ණය මුදල් ගෙවා දැමීමටවත් නොහැකි වන බව ගොවීන් පවසයි.

ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විටත් පිටරටින් ලොකු ලුණු ආනයනය කිරීම හේතුවෙන් , වෙළඳපොළ තුළ ලුණු කිලෝවක් සඳහා අඩු ඉල්ලුමක් හා නිසි මිලක් නොපවතින බවත්,එමගින් දේශීය ලොකු ලූණු සදහා මිළක් නොමැති කමින්,දේශීය ගොවීන් අනාරක්ශිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

රට තුළ පවතින වාතාවරණය , හා ආර්ථික අර්බුදය තුළින් බැටකන ,ලොකු ලූනු ගොවීන් තම වගාවන්ට වැළදෙන රෝග මැඩලීම සදහා අධික මිළගණන් යටතේ කෘෂි රසායනික ආදිය මිළදී ගෙන මෙම වගාවන් සදහා ප්‍රතිකාර සිදුකලත් මෙසේ අඩුමුදලකට ලබාදීම ඉතාමත්ම කණගාටුවට කරුණක් බව මෙම ගොවීන් සදහන් කරයි.

මෙවර යල කන්නයේ දී ලූණු වගා කළ ගොවීන් රජයේ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලොකු ලුණු කිලෝවක් සදහා රුපියල් 275 -300 ක් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT