ජනපතිවරණය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට එකතු වූ පොහොට්ටුවේ දේශපාලනඥයන්ට ලබා දුන් බව කියන රටබීම බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති.
හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුට සහයෝගය ලබා දීමට එක්වූ දේශපාලනඥයන් සතුටු කිරීමට රටබීම බලපත්‍ර දුන් බව ජනපතිවරණ රැස්වීම්වලදී කථිකයෝ පැවසූහ. එසේ ලබා දුන් බලපත්‍ර සියල්ලම අහෝසි කරන බව ජාතික ජන බලවේග රැස්වීම්වල ඉතා ජනප්‍රිය කතාවක් විය.
ඒ අනුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු මේ බලපත් අහෝසි කෙරෙනු ඇතැයි ජනතාවගේ අදහසයි.එසේ ඒවා අහෝසි වුවහොත් මේ රටබීම බලපත් ලැබූ දේශපාලනඥයන්ගෙන් කෝටි ගණන් මුදල් ගෙවා ඒවා ලබාගත් ව්‍යාපාරිකයන්ට එම මුදලුත් රටබීම බලපත්‍රයත් යන දෙකම නැතිවෙතැයි ඔවුන් දැඩි බියකින් පසුවන බව ජනතාව පවසති.