Home » පොලිස් ලොක්කෙකුගේ පුද්ග­ලික සහ­කා­ර ස්ථාන මාරු­ කරන්න මැති­ව­රණ කොමි­ස­මට දැනුම් දෙයි

පොලිස් ලොක්කෙකුගේ පුද්ග­ලික සහ­කා­ර ස්ථාන මාරු­ කරන්න මැති­ව­රණ කොමි­ස­මට දැනුම් දෙයි

by damith
October 5, 2024 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

නුව­ර­එ­ළිය මුස්ලිම් පල්ලිය අසල පිහිටි ආප­ණ­ශා­ලා­වක් වෙත ගොස් එහි හිමි­ක­රුට සහ සේව­ක­ය­කුට පහර දී පරුෂ වච­න­යෙන් බැණ තර්ජ­නය කළේ යැයි කියන නුව­ර­එ­ළිය දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පුද්ග­ලික සහ­කාර නිල­ධා­රියා වහාම ක්‍රියා­ත්මක වන පරිදි ස්ථාන මාරු කර වෙනත් පොලිස් කොට්ඨා­ස­යක සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යකු යටතේ විනය පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට ඊයේ (04) දින පිය­වර ගත් බව නුව­ර­එ­ළිය දිසාව භාර වැඩ­බ­ලන නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද දිසා­නා­යක මහතා පැව­සීය.

මහ­මැ­ති­ව­ර­ණ­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති නිසා එම පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා ස්ථාන මාරු කිරී­මට අවශ්‍ය කට­යුතු කරන ලෙසට මැති­ව­රණ කොමි­සම වෙත දැනුම් දී ඇති බවද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා කියා සිටි­යේය.

මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළි­ද­රව් කිරී­මෙන් පසු අග­ති­යට පත් එම ආප­ණ­ශා­ලාවේ හිමි­කරු වන අබ්දුල් කපුර් මොහො­මඩ් ඊර්ෂාඩ් (46) නුව­ර­එ­ළිය පොලිස් අධි­කාරි කාර්යා­ලය වෙත ඊයේ (04) දින පස්ව­රුවේ කැඳවා සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යෙකු විසින් ප්‍රකා­ශ­යක් ලබා­ගෙන ඇත.

පොලි­සිය වෙත ප්‍රකා­ශ­යක් ලබා­දී­මෙන් අන­තු­රුව මාධ්‍ය­යට ද අද­හස් දැක් වූ අබ්දුල් කපුර් මොහො­මඩ් ඊර්ෂාඩ් කියා සිටියේ, තම­න්ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගත් බවත් මින් ඉදි­රි­යට පොලිස් නිල­ධා­රි­න්ගෙන් මෙවැනි බල­පෑම් නොවී­මට උසස් පොලිස් නිල­ධා­රින් වග­බ­ලා­ගත යුතු බවත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT