දේශීය බතික් කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ නංවා ඊට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමේ අරමුණින් බතික් කර්මාන්තකරුවන් සඳහා ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වා දීමට ජාතික මෝස්තර මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ජාතික විද්‍යා පදනමේ සහයෝගිතාවයෙන් බතික් කර්මාන්තය සඳහා “විධිමත් නිෂ්පාදන ක්‍රියාපිළිවෙත්” (Good Manufacturing Practice) – GMP ප්රමිතිකරණය හඳුන්වාදීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු යොදා තිබේ.
බතික් කර්මාන්තය සඳහා මෙවැනි ප්‍රමිතිකරණ පද්ධතියක් හඳුන්වාදීම මඟින් දේශීය බතික් නිෂ්පාදන සඳහා දේශීය හා විදේශීය පාරිභෝගික විශ්වාසය වැඩි කළ හැකි අතර කර්මාන්තය ආශ්‍රිත වැඩබිම් හා නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යෑමටත් එමඟින් කාල කළමනාකරණය කර ගැනීමට හා නිෂ්පාදන ඵලදායිතාව වැඩි කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා වී තිබේ.