රොෂාන් මහානාම භාරයේ 2 වැනි සංවත්සරය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කෙරිණි. ඒ අනුව එම භාරයේ දෙවැනි සංවත්සරය සමරමින් ඊයේ (04) පෙරවරු 10.00ට මහරගම පිහිටි ඉන්දිරා පිළිකා මධ්‍යස්ථානයේදී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර, මේ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.
රොෂාන් මහානාම භාරය පසුගිය 2022 වසරේදී ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් දරුවන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව එම භාරය ආරම්භ කෙරිණි. ඒ අනුව දරුවන්ට ලැබිය යුතු සම්පත්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයීම ද අරමුණු කරයි.
ආබාධ සහිත ළමයින් සඳහා වූ පළමු ජාතික මධ්‍යස්ථානයේ මෙහෙයුම් තිරසරව පවත්වාගෙන යෑමට සහාය වීම, ඉන්දිරා පිළිකාභාරය සමඟ එක්ව පළමු ළමා පිළිකා රෝග නිවාරණ සත්කාරය (සුව අරණ) පවත්වාගෙන යෑම, ඉන්දිරා පිළිකා භාරය සමඟ එක්ව අපේක්ෂා පිළිකා රෝහලේ අවශ්‍යතා ඇති දරුවන්ට අත්‍යවශ්‍ය ළමා පිළිකා ඖෂධ ලබාදීම, දකුණු පළාතේ අපයෝජනයට ලක් වූ ළමයින් සඳහා ආරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආදිය මෙම භාරයේ අරමුණු වෙයි.