Home » රොෂාන් මහා­නාම භාරයේ 2 වැනි සංව­ත්ස­ර­යට වැඩ­ස­ට­හන් රැසක්

රොෂාන් මහා­නාම භාරයේ 2 වැනි සංව­ත්ස­ර­යට වැඩ­ස­ට­හන් රැසක්

by damith
October 5, 2024 1:00 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

රොෂාන් මහා­නාම භාරයේ 2 වැනි සංව­ත්ස­රය නිමි­ත්තෙන් වැඩ­ස­ට­හන් රැසක් සංවි­ධා­නය කෙරිණි. ඒ අනුව එම භාරයේ දෙවැනි සංව­ත්ස­රය සම­ර­මින් ඊයේ (04) පෙර­වරු 10.00ට මහ­ර­ගම පිහිටි ඉන්දිරා පිළිකා මධ්‍ය­ස්ථා­න­යේදී දරු­වන් වෙනු­වෙන් විශේෂ වැඩ­ස­ට­හ­නක් සංවි­ධා­නය කර තිබූ අතර, මේ අව­ස්ථා­වට විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

රොෂාන් මහා­නාම භාරය පසු­ගිය 2022 වස­රේදී ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ අඩු වර­ප්‍ර­සාද ලත් දරු­වන් සවි­බල ගැන්වීමේ අර­මුණ ඇතිව එම භාරය ආරම්භ කෙරිණි. ඒ අනුව දරු­වන්ට ලැබිය යුතු සම්පත්, අධ්‍යා­ප­නය සහ සෞඛ්‍ය සේවා සැප­යීම ද අර­මුණු කරයි.

ආබාධ සහිත ළම­යින් සඳහා වූ පළමු ජාතික මධ්‍ය­ස්ථා­නයේ මෙහෙ­යුම් තිර­ස­රව පව­ත්වා­ගෙන යෑමට සහාය වීම, ඉන්දිරා පිළි­කා­භා­රය සමඟ එක්ව පළමු ළමා පිළිකා රෝග නිවා­රණ සත්කා­රය (සුව අරණ) පව­ත්වා­ගෙන යෑම, ඉන්දිරා පිළිකා භාරය සමඟ එක්ව අපේක්ෂා පිළිකා රෝහලේ අව­ශ්‍යතා ඇති දරු­වන්ට අත්‍ය­වශ්‍ය ළමා පිළිකා ඖෂධ ලබා­දීම, දකුණු පළාතේ අප­යෝ­ජ­න­යට ලක් වූ ළම­යින් සඳහා ආර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­කි­රීම ආදිය මෙම භාරයේ අර­මුණු වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT