Home » රවිහංසගෙන් කඩුලු 14ක් ස්වේත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්
19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට්

රවිහංසගෙන් කඩුලු 14ක් ස්වේත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

by mahesh
October 4, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
රවිහංස, ස්වේත් සහ ලක්වින්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව කඩුලු 14ක් දවාලමින් ඉනිමක ජයක් ගෙනදීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ දකුණත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හිමාල් රවිහංස සමත් විය. ඔහු තරගයේ ඉනිම දෙකෙදීම කඩුලු 7 බැගින් දවාලීය.

මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මහනුවර ත්‍රිත්ව විදුහලේ ස්වේත් අනුරජීව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර, ධර්මරාජ විදුහලේ ලක්වින් අබේසිංහ එම තරගයේදීම නොදැවී ශතකයක් රැස් කළේය.

වෙන්නප්පුව සා ජෝසප් වාස් විදුහලට ඉනිමක සහ ලකුණු 104ක ජයක්

සා. ජෝසප් වාස් පළමු ඉනිම – 253/7 (පන්දුවාර 87) හේෂාන් රත්නායක 74, හංස මිහිරංග 44, ඉෂාර ප්‍රනාන්දු 40, ධමීෂ් ප්‍රනාන්දු 32, අමල් පෙරේරා නොදැවී 31 (චිතුම් බැද්දගේ 28/2)

ධර්මපාල පළමු ඉනිම – 70 (පන්දුවාර 47.3) සිතික කටුගම්පොළ 22 (හිමාල් රවිහංස 30/7) සහ දෙවැනි ඉනිම – 79 (පන්දුවාර 32.2) (හිමාල් රවිහංස 37/7, ධමීෂ් ප්‍රනාන්දු 19/2)

ධර්මරාජ-ත්‍රිත්ව තරගය ජය පැරදුම් නෑ

ධර්මරාජ පළමු ඉනිම – 142 (පන්දුවාර 44.5) පුළිඳු පෙරේරා 65, ඉරූෂ ජයවර්ධන නොදැවී 25 (ස්වේත් අනුරජීව 0/3, චනිරු හංසන 11/3, වතිල උදාර 16/2) සහ දෙවැනි ඉනිම – 237/8 (පන්දුවාර 75) ලක්වින් අබේසිංහ නොදැවී 100, පුළිඳු පෙරේරා 70, ඉසුරු පන්නල 38, කවිඳු ගුණරත්න 28 (මලිත් රත්නායක 97/4, තිසල් යාපා 25/3)

ත්‍රිත්ව පළමු ඉනිම – 250/4 (පන්දුවාර 63.2) රජිඳු තිලකරත්න 53, මොහාමඩ් ආදම් නොදැවී 52, වතිල උදාර 45, දිනාල් ප්‍රනාන්දු 32, දීමන්ත මහවිතාන 24 (නිසල අබේරත්න 49/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT