Home » රෝද පුටුවෙන් වැඩ පෙන්වන ක්‍රිකට් වීරයින්ගේ දෙවැනි සංවත්සරය

රෝද පුටුවෙන් වැඩ පෙන්වන ක්‍රිකට් වීරයින්ගේ දෙවැනි සංවත්සරය

by mahesh
October 4, 2024 1:00 am 0 comment

කැලණිය - කේ.එස්. හැන්නදි

ජාතික රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි සංවත්සර සැමරුම ඉකුත් දා (1) දෙල්ගොඩ, කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථාන භූමියේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙම රෝද පුටු සංගමයේ සාමාජිකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ මෙහිදී පැවසූහ.

ජාතික ක්‍රිකට් රෝද පුටු සංගමයේ සභාපති ඈන් පෙරේරා මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ තම සංගමයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මාධ්‍යයෙන් සහාය බලාපොරොත්තු වන බවය. එසේම මෙය පළමු රෝද පුටු ක්‍රිකට් සංගමය බවත් මීට පෙර එවැනි සංගමයක් ක්‍රියාත්මක වී තිබේ නම් ඉදිරියට පැමිණ ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලීමක් කළ ඈන් පෙරේරා මහත්මිය දිවයිනේ විසිරී සිටින ඕනෑම ආබාධිත පිරිමි, කාන්තා දෙපාර්ශ්වයටම තම සංගමය සමඟ සම්බන්ධ විය හැකි බව ද ප්‍රකාශ කළාය. මෙම ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගොස් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගැනීම ද එතුමිය මෙහිදී සිහිපත් කරනු ලැබුවාය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඈන් පෙරේරා මහත්මිය පැවසූයේ ජාතික පැරාලිම්පික් කමිටුව මුලින් මාසිකව රුපියල් ලක්ෂ දෙකක මුදලක් තම සංගමයේ ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කළත් පසුව එම මුදල ලබාදීම අත්හිටවූ බවත් පැරාලිම්පික් කමිටුව තම සංගමයේ ක්‍රීඩකයන්ට විවිධ අසාධාරණකම්, කෙණෙහිලිකම් කරන බවත්ය.

මෙම උත්සවය අවසානයේ ආබාධිත සාමාජිකයන් ගීත ගායනා කර සතුට පළ කිරීම කාගේත් අවධානයට ලක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT