429
වාද්දුව පොහද්දරමුල්ල වෙරළට අද (04) පිරිමි නිරුවත් මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාද්දුව පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය වී නොමැත.
මෙම පුද්ගලයා වයස අවුරුදු 60 ත් 65 අතර වියැති බවට සැකකරන අතර , ඉනෙහි යුධහමුදා සාමාජිකයින් පළදින නිළ ඇදුමකට භාවිතා කරන කොළ පැහැති බදපටියක් තිබී ඇත.
ශරීරයේ සුළු සිරීම් තුවාලද දැකගත හැකිවූ අතර වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.