Wednesday, April 23, 2025
Home » ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට

ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට

by yasara
October 4, 2024 10:49 am 0 comment

පස්සර මැටිගහතැන්න ගොවිජන සේවා කාර්යාලයේ වහලය පිලිසකර කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරු ඉන් ඇදවැටිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ ඩි.දේවේන්ද්‍ර රාජ් නැමැති ලයිමි අංක 02, තවලම්පැලැස්ස,වෑබැද්ද,මඩොල්සිම යන ලිපිනයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා විසින් එම කාර්යාලයේ වහලය පිලිසකර කරමින් සිටි අවස්ථාවේ දී පස්වරු දෙකට පමණ ඉන් ඇදවැටි ඇති අතර එහි කාර්ය මණ්ඩලය විසින් ඔහුව ප්‍රතිකාර සදහා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදි පස්වරු 4.30 ට පමණ මියගොස් ඇති  බවට මුලික විමර්ශන වලදි කරුණු අණාවරණය වි ඇත.

ඒ අනුව මියගිය පුද්ගලයා ගේ මෘතදේහය පිලිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සදහා මෘතදේහය බදුල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙයි.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ,පස්සර සහකාර පොලිස් අධිකාරි දිලිත් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රපොප එච්.පි දීසානායක මහතා විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT