Wednesday, April 23, 2025
Home » වන අලි ප්‍රහාරයකින් මත්තල කාන්තාවක් මරුට

වන අලි ප්‍රහාරයකින් මත්තල කාන්තාවක් මරුට

by yasara
October 4, 2024 10:40 am 0 comment

මත්තල ,අලුත්ගම්ආර, අනුක්කංගල හන්දියේදී කාන්තාවක් වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තල පොලිසිය පවසයි.

අන්දරවැව ප්‍රදේශයේ සිටින මව බැලීමට තම සැමියා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී ඊයේ (3) සවස 5.30ත් 6.30ත් අතර කාලයේදී  යතුරුපැදියට වන අලියෙකු පහරදීම සිදු වී තිබෙයි.

යතුරුපැදියේ සිටි ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සැමියා පලාගොස් දිවි රැකගෙන ඇත.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල ,කිතුල්කොටේ, නෙලුවපාරේ පදිංචි හේවා වලිමුනිගේ රුක්මණී (අවු 58) විවාහක කාන්තාවකි .

මත්තල පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT