Monday, April 21, 2025
Home » ජනතාවට තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානයයි

ජනතාවට තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානයයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක

by mahesh
October 4, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාවට අද තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ජනාධිපතිවරණය වගේ විවිධ විකල්ප කියලා හඳුනාගත් අයට ඡන්දය දී ඔබේ ඡන්දය නාස්ති කර ගන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම්, එම ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් අණපනත් වෙනස් කරන්නේ නම්, ඒ යුක්තිසහගත අණපනත් වෙනස් කිරීම්වලදී අවශ්‍ය සහයෝගය දීමට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ ක්‍රියා කරනවා.

අපි පළමුවෙන්ම සමගි ජන සන්ධානය හැටියට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතනවා. ඒ වගේම එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා, අපට ඡන්දය දුන් නොදුන් සියලුම දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේදී අපත් එක්ක සන්ධානගතවී මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT