Home » ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා

ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා

by mahesh
October 4, 2024 1:00 am 0 comment

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම කලාපයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රහාරවලට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම විරෝධතා රැලිය පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ස්වාට් දිස්ත්‍රික්කයේ සිදු කර ඇතැයි ද, ඊට දහස් ගණනක ජනතාව සහභාගි වී ඇතැයි ද වාර්තා වේ. එම විරෝධතා රැලියට විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්, එම දිස්ත්‍රික්කයේ නීතිඥ සංගමය, ප්‍රවාහන හා වෙළෙඳ සංගම්, පෞද්ගලික පාසල් සංගමය හා ගුරු සංගමය ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් සහභාගි වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT