Home » ගුවන් තැපැල් කටුනායක පැමිණි” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ගුවන් තැපැල් කටුනායක පැමිණි” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
October 3, 2024 10:44 am 0 comment

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින්  කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබියදී , එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ  (02) පස්වරුවේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට , මෙම පාර්සලය  කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය  වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 09/26 දින  එවා තිබුණි .

මෙම පාර්සලය භාර ගැනීම සදහා ජා – ඇළ , කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත පැමිණ තිබුණි .

සැක කටයුතු මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී , කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 883 ක් බර “කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය සහ එය රැගෙන යාමට පැමිණි පුද්ගලයා අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රදවා ගැනීමේ නියෝග ලබා ගැනීමෙන් පසු , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT