පසුගිය 14 වන දින සිට පියෙකු සහ ඔහුගේ දියණිය අතුරුදන්ව ඇති බවට එම පුද්ගලයාගේ බිරිය විසින් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මීගමුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතුරුදන්ව ඇති පුද්ගලයා වන්නේ 41 හැවිරිදි තංගවේල් කමලදාසන් නමැති අංක 56/1, ශාන්ත ජූඩ් පෙදෙස, මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු අඩි 05 අඟල් 03ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරැති කොණ්ඩය පිටුපසට පීරා කොටට කපා ඇති නාසයේ වම්පස ලපයක් ඇති අයෙකු බව පොලිසිය පවසයි.
අතුරුදන් වූ දැරිය වන්නේ පත්මනාදන් පරිස්කා නමැති අවුරුදු 02 මාස 09 වයසැති අයෙකි. දැරිය සෙන්ටිමීටර් 92ක් පමණ උස, කොණ්ඩය කොටට කපා ඇති, දකුණු පාදයේ කලව ප්‍රදේශයේ උපන් ලපයක් තිබෙන බවද පොලිසිය පවසයි.
මෙම දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති / මීගමුව 071 8591630 හෝ පොලිස් ස්ථානය / මීගමුව 031 2222222
රක්ෂණ ශ්‍රියන්ත