ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැඩිම කාලයක් එහි ප්‍රධාන ලේකම් ධුරය හොබවමින් රටටත් ජනතාවටත් සුවිශාල සේවයක් කොට අභාවප්‍රාප්ත වූ පීටර් කෙනමන් මහතාගේ 107 වන උපන් දිනය අදට (03) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් කොළඹ මරදාන හන්දියේ පුංචි වටරවුමට යාබදව ඇති ඒ මහතාගේ පිළිරුවට මල්දම් පැලඳවීම කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.
දිවංගත පීටර් කෙනමන් මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දරමින් උතුරු කොළඹ කොටහේන ප්‍රදේශය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයකු ලෙසත් මැද කොළඹ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් 1947 සිට 1977 දක්වා කටයුතු කළේය.
පීටර් කෙනමන් මහතා 1970 ශ්‍රී ලංකා සමසමාජ සමගි පෙරමුණු රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස 1970 සිට 1975 තෙක් ඇමැති ධුරය දැරීය.
මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ