ජනතා සුබසෙතට කැපවූ නව රජයේ ප්‍රමුඛතා ලේඛනයට අනුව එහි මුල්ම තැනක් ළමා හා කාන්තා සුරක්ෂිතතාවය ඇති කිරීමට ලබා දී ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය සැමරුම පෙරේදාට (01) යෙදී තිබිණි. ඒ අනුව වැඩිහිටි දින සැමරුමට සමගාමීව සබරගමු පළාත් සභාව මඟින් සංවිධානය කරනු ලැබූ උත්සවය අමතමින් ආණ්ඩුකාරවරිය එසේ කීවාය.
මෙම උත්සවය කෑගල්ල අල්ගොඩ සුව සෙවණ වැඩිහිටි නිවාසයේ දී පැවැත්වුණි.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් සී. ඒ. පියදාස, පළාත් පරිවාස කොමසාරිස් චතුරිකා රත්නායක, සමාජ සේවා අධ්යක්ෂ කසුන් හබරණ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දින තේමාව වූයේ ශක්තිමත් සත්කාරක හා උපකාරක සේවා යන්ත්‍රණය තුළින් ගෞරවනීය වැඩිහිටි දිනයක් යන්නය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවේ නව රජයේ ප්‍රමුඛතාව හිමි ක්ෂේත්‍ර අතර ළමා සහ වැඩිහිටි සුරක්ෂිතතාව මූලික වන බව ද කියා සිටියාය.
ජයසිරි මුණසිංහ