ලෝක පරිසර පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කළ කැලණිය පුදබිම පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා ගම්පහ බණ්ඩාරනායක, ඉඹුල්ගොඩ රාජසිංහ, ගම්පහ යසෝදරා දේවි, කිරිබත්ගොඩ විහාරමහා දේවි, ගම්පහ තක්ෂිලා, දරණාගම ප්‍රාථමික, කැලණිය හෙලේනා විජයවර්ධන, මහර මහාමායා, ගම්පහ සිරිකුරුස සහ මහර ජනාධිපති විද්‍යාලවල නියුතු පරිසර නියමු, හරිත, රජත ස්වර්ණ වර්ණ පදක්කම්ලාභී සිසු සිසුවියෝ සහභාගී වූහ. බණ්ඩාරනායක විද්‍යාලයේ පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභී සුජාන් ජිසාන්ත මහතා, තක්ෂිලා විද්‍යාලයේ හිටපු පරිසර නියමු භාර විශ්‍රාමික ආචාරිනි පද්මා චන්ද්‍රසේන මහත්මිය, ගුරු භවතුන් සහ මවුපියෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක