පුත්තලම, වනාතවිල්ලුව, වට්ටකන්ඩල් ප්‍රදේශයේ පිහිටා ඇති විශාල ප්‍රමාණයේ වැවකට අධිශීතකරණ අබිලි කොටස් මුදා හැරීමෙන් උග්‍ර පාරිසරික ගැටලු රැසක් උද්ගතව ඇතැයි ජනතාව පවසති.
රාත්‍රී කාලයේ සංවිධානාත්මක පිරිසක් මෙලෙස වැවට මෙම ශීතකරණ හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග මුදා හැරීම හේතුවෙන් වැව තුළ එම අබිලි ද්‍රව්‍ය තැන තැන විසිරී ඇති අයුරු දක්නට ලැබිණ. ඉදිරි කාලයේදී ඇති වන වැසි සමඟ වැව ජලයෙන් පිරී ගිය ද මෙම අබිලි ද්‍රව්‍ය මිශ්‍ර ජලය භාවිත කිරීමට සිදුවන බව ජනතාව පෙන්වා දෙති, මෙම වැව තුළින් විශාල පිරිසක් එදිනෙදා පරිහරණයට ජලය ලබා ගන්නා අතර, බහුතරයක් පිරිස් දියනෑමේ කටයුතු ද මෙම වැව ආශ්‍රිතව සිදු කරගෙන යන බව ද පෙන්වා දෙමිනි. මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙම වැවට විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් අධික දුඟදක් සහ දැඩි පරිසර හානියක් සිදුව තිබූ බවට ද ජනතාව මැසිවිලි නඟති. මෙවර ද ඉවක් බවක් නොතකා මෙලෙස අපතේ දමන ලද ඊයම් මිශ්‍ර අබිලි කොටස් සහ ඉලෙක්ට්‍රොනික පරිපථ කොටස් මෙන්ම තවත් විවිධ දෑ මුදාහැර ඇති අතර, අධිශීතකරණ වටා ආවරණය කර ඇති රිජිෆෝම් සහ කුෂන් අදී දෑ ද මෙලෙස මුදා හැර තිබීම දැක ගත හැකි වේ.
මහජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ක්‍රියාව නවතා දමන ලෙසයි. එසේ නොවන්නේ නම් නුදුරේදී මෙම වැව කසළ අංගණයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.
වනාතවිල්ලුව සමූහ
කේ. ප්‍රියංකර කළුපහන