Home » බදුල්ලේ එළවළු වගාවටත් ඩ්‍රෝන තාක්ෂණය

බදුල්ලේ එළවළු වගාවටත් ඩ්‍රෝන තාක්ෂණය

by sachintha
October 2, 2024 1:01 am 0 comment

දේශීය ගොවීන් සිදු කරන පාරම්පරික වී ගොවිතැනට හා එළවළු වගාවන් වෙනුවට ඩ්‍රෝන යානා නව කෘෂි තාක්ෂණය භාවිතා කිරීමෙන් කෙටි කාලයක් තුළ කුඹුරුවල බිත්තර වී ඉසීමට, කෘෂි රසායන ඉසීමට පවතින හැකියාව මත වියදම අවම වීම හා ඒකාකාරීව බීජ ඉසීම හා රසායනික බෙහෙත් ඉසීමට හැකි වීම මත ඉහළ අස්වනු සේ ම ඉහළ අදායම් ද ලබාගත හැකි බව බණ්ඩාරවෙල බිඳුණු වැව කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කිත්සිරි විමලචන්ද්‍ර මහතා පවසයි.

ප්‍රථම වරට ඌව පළාතේ කුඹුරුවල වී වගාවට මෙන්ම එළවළු වගාවටත් මෙය භාවිතා කිරීමේ හැකියාවක් ඇති බවට ගොවීන්ට, පාසල් ළමුන්ට හා කෘෂි තාක්ෂණ ක්‍රමවේදයන් හැදෑරීමට කැමති පිරිස් සඳහා පුහුණු නියමු ව්‍යාපෘතියක් ලෙසින් එම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් වගාවන් සිදු කෙරේ. මෙම ඩ්‍රෝන

තාක්ෂණය හරහා කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකිය. විනාඩි 10ක පමණ කාලයකින් කුඹුරු අක්කරයකට එකාකාරීව බිත්තර වී ඉසීම, කෘෂි රසායනික පොහොර ඉසීම, කෘෂි රසායනික බෙහෙත් ඉසීමට හැකි වේ. එසේම අපතේයෑම 50%කින් අඩුකර ගත හැකිය. එපමණක් නොව වගා අස්වනු නෙළීමට හැකි කාලය ද තීරණය කරගත හැකි බවත්, පසේ පෝෂණ තත්ත්වයන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාවක් ඇති බවත්, මේ සඳහා අක්කරයට රුපියල් 2,000ක පමණ මුදලක් වැය වන බවත් ඒ මහතා පෙන්වාදෙයි. නමුත් කම්කරු ශ්‍රමය ඔස්සේ එම ක්‍රියාවන් කිරීමේදී කාලය ගතවීම, අපතේයෑමට ඇති හැකියාව වැඩි ප්‍රතිශතයක් ගැනීම, බීජ වැපිරීම හා රසායනික පොහොර බෙහෙත් ඉසීම අක්‍රමවත් වීම යන හේතු නිසා

වගාවට වැයවන මුදල ඉහළ මට්ටමක පවතී. මෙහි ඇති අවාසිය නම් කඳු හෙල් ඉඩම්වල හා කුඩා ඉඩමක වගාවන් සඳහා භාවිතා කිරීමේදී ගැටලුකාරී බවක් පැවතීමයි.

වැලිමඩ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT