42
බලන්ගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගැවසෙන අයාලේ යන සුනඛ රංචුවක් ජනතාවට මහත් කරදරයක් වී ඇති බව ජනතාව පවසති. මේ හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, සපාකෑමට පවා ලක් වන බවත් ඔවුහු පෙන්වාදෙති. එමෙන්ම පාර හරහා පනින සුනඛ රංචු හේතුවෙන් යතුරුපැදිකරුවන් අනතුරුවලට ලක් වන බව ද ජනතාව වැඩිදුරටත් පැවසූහ.
බලන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන