Home » හිටපු නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්තගේ මවගේ අවසන් කටයුතු අද

හිටපු නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්තගේ මවගේ අවසන් කටයුතු අද

by sachintha
October 2, 2024 1:00 am 0 comment

උතුරු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටි අයිරාංගනී රාමනායක මහත්මිය(72) අභාවප්‍රාප්ත වූවාය. ඇය පුතුන් දෙදෙනකුගේ හා එක් දියණියකගේ මවකි.

අයිරාංගනී රාමනායක මහත්මිය කලක් උතුරු කොළඹ ලුණුපොකුණ මැතිවරණ කොට්ඨාසයේ පදිංචිව සිට බෞද්ධ මෙන්ම අනෙකුත් ආගම්වලට ද ඉතා ගරු සැලකිලි දක්වමින් කටයුතු කළ මවකි.

ඇගේ පළමු දරුවා වන රෝයි බෝගහවත්ත මහතා වසර 22ක් තිස්සේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් අතර ඉතාමත් දක්ෂ කථිකත්වයකින් යුතු මන්ත්‍රීවරයකු ලෙස ඉතා ප්‍රසිද්ධය. අයිරාංගනී රාමනායක මහත්මියගේ අවසන් කටයුතු අද (02)පස්වරු 6.00ට උතුරු කොළඹ මාදම්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහර පස්වරු 4.30ට නිවසින් පිටත්වේ.

 

මැද කොළඹ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT