Home » පාඨලී චම්පිකට එරෙහි නඩුවක් කල් යයි

පාඨලී චම්පිකට එරෙහි නඩුවක් කල් යයි

by chanaka
October 2, 2024 12:24 pm 0 comment

පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

මෙම නඩුව අද(02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව පැවසීය.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩුව පෙබරවාරි මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ පෙබරවාරි මස 28වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT