Home » රජිනිකාන්ත් රෝහල්ගත කරයි

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

by chanaka
October 2, 2024 10:50 am 0 comment

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් කර ඇත.

උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් සදුදා (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා සඳහන් කරයි.

මීට වසර 10කට පමණ පෙර සිංගප්පූරුවේදී මෙම සුපිරි තරුව වකුගඩු බද්ධ කිරීමකට භාජනය කර තිබුණි.

රජිනිකාන්ත් අවසන් වරට දුටුවේ නෙල්සන් දිලිප්කුමාර්ගේ ‘ජේලර්’ චිත්‍රපටයේ ය.

රජිනිකාන්ත් පසුගිය සති කිහිපය තුළ ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Coolie හී රූගත කිරීම් කරමින් සිටියේය. ඒ විශාකාපට්නම් හී දී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT