ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් තෙවැනි වරටත් සංවිධාන කළ මොන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරගාවලියේ ශුරතා දිනා ගැනීමට රංජිත් ලියොන් සහ ෆ්රෑන්ක් ඩි මෙල් සමත් වූහ. ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හීදී පැවැති මේ තරගාවලියේ පිරිමි අංශයේ අනුශූරතාව වින්ග් කමාන්ඩර් (විශ්‍රාමික) ලක්මාල් ගුණවර්ධන දිනා ගත් අතර, කාන්තා අංශයේ අනුශූරිය බවට පත්වූයේ දිලිනි හෙන්නායක ය. මීට සමගාමීව පැවැති ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය දිනා ගැනීමට ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් ජානක පිටවල සමත් විය. එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ යුද හමුදාවේ මේජර් තිස්ස කුමාර විසිනි.
ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට ත්‍යාග ප්රදානය ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.