Wednesday, April 9, 2025
Home » තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹෙයි

තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹෙයි

by yasara
October 1, 2024 10:10 am 0 comment

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට අද (01) ආරම්භ වෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අද (01) සිට ලබන 8 වනදා දක්වා එම කටයුතු සිදු කරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වන දින සිට 14 වන දින දක්වා කටයුතු කළ යුතුය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම්  භාර නිලධාරීන්ට ලබා දිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT