පාසල් සිසුවකු යතුරුපැදියෙන් වැටී අවාසනාවන්ත ලෙස මිය ගිය ගිය පුවතක් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩිය, කොට්ඨාස 5, මාර්කට් පාරේ පදිංචිව සිටි, කාත්තන්කුඩි අල්හිරා මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ජමාල්ඩීන් මුහම්මද් රිහාම් නමැති 16 හැවිරිදි තරුණයෙකි. මොහු තම නිවෙස ඉදිරිපිට කුඩා මාවතක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එක්වරම යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළීමෙන් පපු ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු මෙන් මේ මරණය සිදු වී ඇතැයි වාර්තා වේ. මියගිය තරුණයාගේ මෘත ශරීරය මඩකලපුව ශික්ශණ රෝහලේ තැන්පත් කර ඇති අතර, කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මඩකලපුව සමූහ – ටී.එල්. ජව්ෆර්කාන්