Sunday, April 20, 2025
Home » මිය ගිය ගණන 200 ඉක්මවයි
නේපාලයේ ගංවතුරෙන්

මිය ගිය ගණන 200 ඉක්මවයි

by sachintha
October 1, 2024 1:44 am 0 comment

අධික වර්ෂාවත් සමඟ උද්ගත වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් නේපාලයේ පුද්ගලයන් 204 දෙනකුට දිවි අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා කත්මණ්ඩු අගනුවර ඇතුළු තදාසන්න පළාත්වලට ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටී ඇතැයි ද, පළාත් රැසක නාය යෑම් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නේපාල ගංවතුර ඛේදවාචක ඉතිහාසයේ වඩාත්ම දරුණු සිදුවීමක් බවට පත්වී ඇති වත්මන් ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා ගොඩනැඟිලි, මහමාර්ග සහ පාලම් රැසක් බිඳ වැටී ඇති අතර, බස් රථ සහ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ද ගංවතුරට හසුවී ගසාගෙන ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අඛණ්ඩව තුන්වැනි දිනයටත් වර්ෂාව ඇද හැලෙන බවත්, ගංවතුරට හසුවී අතුරුදන්වූ පුද්ගලයන් 33 දෙනකු සොයා නේපාලයේ

ආපදා කළමනාකාරණ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT