Monday, April 21, 2025
Home » පාකිස්තානයේ ඩෙංගු හිස ඔසවයි

පාකිස්තානයේ ඩෙංගු හිස ඔසවයි

by sachintha
October 1, 2024 1:43 am 0 comment

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ඩෙංගු රෝගය ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 760 දෙනකු වාර්තා වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වන විට එම ප්‍රාන්තයේ සක්‍රීය ඩෙංගු රෝගීන් 372 දෙනකු වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 21 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මේ වනවිට එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 760 ක් වන බවත්, රෝගීන් 388 දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. ඩෙංගු සහ මැලේරියා මර්දනය සඳහා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් රෝහල් වෙත රෝග විනිශ්ච කට්ටල 80,000ක් සහ මදුරු දැල් ලක්ෂ 3ක් බෙදා දී ඇති අතර, පළාත පුරා ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT