Monday, April 21, 2025
Home » ඉන්දියාවෙන් නේපාලයට රුපියල් මිලියන 474ක සංවර්ධන ව්‍යාපෘති

ඉන්දියාවෙන් නේපාලයට රුපියල් මිලියන 474ක සංවර්ධන ව්‍යාපෘති

by sachintha
October 1, 2024 1:42 am 0 comment

නේපාලයේ අතිශය වැදගත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 12ක් සඳහා ඉන්දියාව අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පසුගියදා කත්මණ්ඩු නුවර ඉන්දීය තානාපති කාර්යාලය සහ නේපාල රජය අතර එම ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, පානීය ජල හා සංස්කෘතික ක්ෂේත්‍ර සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ අත්සන් කළ එම අවබෝධතා ගිවිසුම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල නේපාල රුපියල් මිලියන 474ක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පාසල්, නගර සභා සහ රෝහල් විශාල ප්‍රමාණයක් ද, ධාන්‍ය ආහාර එකතු කිරීමේ සහ බෙදා හැරීමේ මධ්‍යස්ථාන, කෘෂිකාර්මික ප්‍රවර්ධන මධ්‍යස්ථාන ඇතුළු තවත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඊට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නේපාලයේ අතිශය වැදගත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 563කට අධික ප්‍රමාණයක් ඉන්දියාව භාරගෙන ඇත්තේ 2003 වසරේ සිට බවත්, ඉන් ව්‍යාපෘති 490ක්ම මේ වන විට අවසන් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT