Monday, April 21, 2025
Home » හෙස්බුල්ලා සංවිධානය නව නායකයකු පත් කරගනී

හෙස්බුල්ලා සංවිධානය නව නායකයකු පත් කරගනී

by sachintha
October 1, 2024 1:40 am 0 comment

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිටපු නායක හසන් නස්රුල්ලා මිය යෑමෙන් දෙදිනක් ගත වෙද්දී හෙස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ඇතැයි අල් ඇරබියා පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවිධානයේ විධායක කවුන්සිලය නව නායකයා ලෙස 60 හැවිරිදි හෂීම් සෆීඩීන් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හෙස්බුල්ලා නායක නස්රුල්ලා ඝාතනයට ලක් වූයේ ලෙබනනයේ බීරුට් නුවර නේවාසික ගොඩනැඟිලි 6කින් වට වූ එක්තරා ස්ථානයක පිහිටා තිබූ හෙස්බුල්ලා සංවිධානයේ මූල්ස්ථානයේ භූගත බංකරයක සිටියදී බවත්, අධි ආරක්ෂිත හා ශක්තිමත් බංකර් පෙළ මුළුමනින්ම විනාශ වී කුහර බවට පත්වීමට ප්‍රමාණවත් අයුරින් ඊශ්‍රායල හමුදාව අධී බරැති බෝම්බ 85ක් හෙළා තිබූ බවත් වාර්තා වේ.

හෙස්බුල්ලා නායකයා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, නස්රුල්ලාගේ ඥාතියකු බව කියන වත්මන් නායකයා ඒ අවස්ථාවේදී බංකර් තුළ නොසිටි බැවින් දිවි බේරාගැනීමට සමත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT