52
ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාරවලින් දකුණු ලෙබනනය ඇතුළු පළාත් රැසක අවතැන්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇතැයි ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ඉතිහාසයේ මෙතෙක් ලෙබනනයෙන් වාර්තා වන සිවිල් වැසියන්ගේ විශාලතම ප්‍රමාණය විය හැකි බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
හෙස්බුල්ලා සාමාජිකයන්ට තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කළ යුතු බවට ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි හර්සි හැලෙවි ප්‍රකාශ කර ඇති අතර, එය තහවුරු කරමින් ගත වූ විසිහතර පැයේදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයෙන් පුද්ගලයන් 100කට අධීක පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ.