Home » ග්‍රීසියේ රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම්

ග්‍රීසියේ රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම්

by yasara
October 1, 2024 9:57 am 0 comment

ග්‍රීසියේ පැවති 06 වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට ( 06th Global Challenge Robotic Competition ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් 05 දෙනෙකු ,   ඉංජිනේරු නිර්මාණයක් ( Engineering Deign Best in World ) ඉදිරිපත් කර , එම තරගාවලියේ  ලෝකයේ විශිෂ්ඨතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින්  රන් පදක්කම දිනා ගෙන  ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් 09/26 දින සිට 09/29 දින දක්වා ලෝකයේ රටවල් 193 ක තරගකරුවන් 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලුම රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට පත් වී තිබුණි . මෙම තරගාවලියේ දෙවන ස්ථානය කොලොම්බියාවටත් , තෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබුණි .

රවීන් අකුරැටියාව , තරුල් සේනානායක , හිවීන් රාමචන්ද්‍ර , සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වූහ .

ශ්‍රී ලංකා සිසුන් පිරිස මෙම තරගාවලිය වෙත ඉදිරිපත් කළ මෙම නිර්මාණයට හිමි වූ ලකුණු මත , මෙම ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ථ තරගාවලියේ , අනෙකුත් රටවල් අභිබවා 06 වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි .

ඔවුන් 09/30 දින රාත්‍රී 08.45 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT