Home » ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
නව ලොව පෙනේ පුතුනේ දෑලෙන් එතෙර

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

-ජාතික උත්සවය සුහුරුපාය පරිශ්‍රයේ

by sachintha
October 1, 2024 1:00 am 0 comment

ජිවිතයේ උදැසන සහ සන්ධ්‍යාව එකට මුණ ගැසෙන දිනය අදය. නව ලොවක් සොයා වැඩිහිටි – පොඩිහිටි සියල්ලෝ නිරත වෙන අනවරත ගමනේ, අද තවත් සැමරුම් දිනයක් පමණක් නොවේවා යන්න දිනමිණ පැතුම, මෙසේ කැමරා කාචයක සටහන් විය.

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද (01) පෙරවරු 9ට පැවැත්වේ.

“සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි – ළමා පරපුර” මැයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

මීට අමතරව Òදරුවන් රැකගමු – සමසේ සලකමුÓ තේමාවෙන් මෙවර ලෝක ළමා දින සැමරුම් වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙන අතර Òශක්තිමත් සත්කාරක හා උපකාරක සේවා යන්ත්‍රණයන් තුළින් ගෞරවනීය වැඩිහිටි දිවියක්Ó යන තේමාවෙන් වැඩිහිටි දින සැමරුම් උත්සව සංවිධානය කර ඇත.

නෙත්මි පූජනී රත්නායක

ඡායාරූපය – තිලක් පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT