අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි බාලවයස්කාර ළමුන් 5 දෙනකු පසුගිය දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කඳාන පොලිස් වසමේ කොස්පැලෑන නිෙවසක කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බාල වයස්කරුවන් අතර බාලවයස්කාරියන් දෙදෙනකු හා පිරිමි දරුවන් තිදෙනකු සිටි බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් (28) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කඳාන පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක සුදේශ් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් අනුව දින කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාගම කොස්පැලෑන ප්‍රදේශයේ නිෙවසක් පොලිස් නිලධාරීන් විසින් වටලා තිබේ. එහිදී එම නිෙවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් අධික ලෙස මත් වී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු හා තවත් පිරිමි ළමුන් තිදෙනකු පොලිස් භාරයට ගෙන තිබේ. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් අතර සිටි 16 හැවිරිදි සිසුවිය මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් කඳාන, උතුරු බටගම ප්‍රදේශයේ සිය මිත්තණිය සමඟ ජීවත් ව සිටින බවයි. ඇය මීට පෙර ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වී ඇති බව පොලිසිය පවසයි.
කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවිය තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් ඇයගේ මවුපියන් විදේශගත රැකියාවල නියැළෙන බව පොලිසිය සඳහන් කළේය. මෙහිදී අත්අඩංගුවට ගැනුණු පිරිමි ළමුන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම තිදෙනාම මීට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය වූවෝ වෙති.
මෙම පිරිමි දරුවන්ගේ මවුපියන් පොලිසියට පවසා ඇත්තේ මොන ක්‍රමයකින් හෝ තම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා දෙන ලෙසයි. අත්අඩංගුවට ගත් ළමුන් රාගම අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ගේ ශරීරවල විෂ මත්ද්‍රව්‍ය ඉහළ මාත්‍රවකින් තිබෙන බවය.
පසුව මෙම ළමුන් වැලිසර වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික අතුරුලිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රැඳවුම් භාරයට යොමු කර තිබේ. ගැහැනු ළමුන් දෙදෙනා සැප්තැම්බර් මස 30 වන දින ද පිරිමි ළමුන් ඔක්තෝබර් මස 02 දිනත් නැවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීම කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුදේශ් ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් සලීම් (64759)යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබීය.
ජාඇළ සමූහ – ප්‍රසංග පෙරේරා