Home » 2024 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ ටවර් හෝල් රඟහලේ දී

2024 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ ටවර් හෝල් රඟහලේ දී

by sachintha
September 30, 2024 1:00 am 0 comment

 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මඟින් වසරක් පාසා පවත්වනු ලබන 2024 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ, මෙවර ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝබර් මස පළවන (01) දින සිට දහවන (10) දිනය දක්වා මරදාන ටවර් හෝල් රඟහලේ, දිනපතා සවස හතරට (4.00) වේදිකාගත වේ.

මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සීමිත සහ විවෘත යන අංශ සඳහා ඉදිරිපත් කර තිබූ නාට්‍ය පිටපත් එකසිය පනහෙන් (150) නාට්‍ය අනූ අටක් (98) දෙවන වටය සඳහා ද, ඒ අතරින් නාට්‍ය හතළිහක් (40) අවසන් වටය නියෝජනය සඳහා ද තෝරා ගැනිණි. අවසන් වටය සඳහා තෝරාගත් නාට්‍ය 40 අතරට, සිංහල සීමිත අංශය සඳහා නාට්‍ය එකොළහක් (11) ද, විවෘත අංශය සඳහා නාට්‍ය එකොළහක් (11) ද. දෙමළ සීමිත අංශය සඳහා නාට්‍ය පහක් (5) සහ විවෘත අංශය සඳහා නාට්‍ය හයක් (6) ද, ඉංග්‍රීසි සීමිත අංශය සඳහා නාට්‍ය තුනක්ද (3) විවෘත අංශය සඳහා නාට්‍ය හතරක් (4) ද තෝරාගෙන තිබේ. එසේම ඔක්තෝබර් මස පළවන (01) අඟහරුවාදා දින සවස හතරට (4) හෝමාගම දොන් පේද්‍රික් මහා විද්‍යාලයේ ‘ලීනට් කුරුල්ලා’ නාට්‍ය ද, යාපනය ස්කන්ධ වෙරොද් විදුහලේ ‘කිත්තන් කරේ ‘ නාට්‍ය ද, කැලණිය විශාකා බාලිකා විද්‍යාලයේ ‘මැෂිම’ නාට්‍ය ද, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ‘කුකුළු හොරේ’ ඇතුළු නාට්‍ය හතර, මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගත වේ.

උපාලි කරුණාරත්න

මහරගම – උදේනි චන්ද්‍රසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT