මාතර මහානාම පාලමෙන් පුද්ගලයෙක් සියදිවි හානිකරගැනීමේ අරමුණින් අද (30) උදෑසන නිල්වලා ගඟට පැන ඇති අතර ක්ෂණිකව ක්රියාත්මක වූ 3 වන ගැමුණු හේවායේ සෙබළුන් විසින් මෙම පුද්ගලයා බේරාගෙන ඇත.
මෙම පාලම ආසන්නයේ ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරේ සෙබළුන් හට පුද්ගලයෙකු ගඟට පැන ගසාගෙන යන අයුරු නිරික්ෂණය වී ඇති අතර ක්ෂණිකව ක්රියාත්මක වූ එම කඳවුරේ සෙබලුන් විසින් කිඹුලන් නිතර ගැවසෙන මෙම ගඟේ, මීටර් 500 පමණ දුරක් ගඟදිගේ බෝට්ටුවක් අධාරයෙන් ලුහුබැඳ ගොස් මහත් පරිශ්රමයකින් අනතුරුව බේරාගැනිමට සමත්ව තිබේ.
දිවි බේරාගත් පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කිරීමට ක්රියාකර ඇත. ඔහු මේ වනවිට මාතර මහ රෝහලේ ප්රතිකාර ලබා ගනී. මෙලෙස නිල්වලා ඟගට පැන ඇත්තේ වයස අවරැදු 50ත් 60 අතර පසුවන පිරිමි පුද්ගලයෙකි. වන අතර සියදිවි නසා ගැනීමේ අරමුණින් මෙම පුද්ගලයා ගඟට පැන ඇති බවට හෙළිව තිබේ.