Home » ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

by chanaka
September 30, 2024 10:09 am 0 comment

මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර බෝට්ටු 02ක් සහ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය විසින් ඊයේ (29) උදෑසන ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවර යාත්‍රා පොකුරක් නිරීක්ෂණය කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු නාවික විධානය විසින් මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දඩයම් කරන ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා එහි වේග ප්‍රහාරක යාත්‍රාව සහ උතුරු මැද නාවික විධානය එහි වෙරළ මුර යාත්‍රාව යොදවා ඇත.

මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය බෝට්ටු 02ක් සහ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අඛණ්ඩව රැඳී සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයින් සමඟ අත්අඩංගුවට ගත් බෝට්ටු තලෙයිමන්නාරම තොටුපළ වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඒවා මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාරදීමට නියමිතය.

මෙම මෙහෙයුමට හසුවීම ඇතුළුව 2024 වසරේ මේ දක්වා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවර බෝට්ටු 55ක් සහ ඉන්දීය ධීවරයින් 413 දෙනෙකු දිවයිනේ මුහුදු සීමාවේ රඳවාගෙන නීතිමය කටයුතු සඳහා බලධාරීන් වෙත භාරදී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT