කීර්තිමත් ව්‍යාපාරිකයකු සහ ආගමික හා සමාජ සේවකයකු වූ සාමවිනිසුරු එස්.ටී.එස්. අරුලානන්දන් මහතා අභාවප්‍රාප්ත විය.
කතරගම වන්දනාකරුවන් ස්වේච්ඡා සංගමයේ සභාපතිවරයා වූ ඒ මහතා සමස්ත ශ්‍රී ලංකා හින්දු කවුන්සිලයේ සහ කොළඹ විවේකානන්ද සභාවේ උප සභාපතිවරයා ද විය. ඔහු ලීලා සමූහයේ, රම්සන් හාඩ්වෙයාර්, ග්‍රීන් ලෑන්ඩ්ස් හෝටල්, සිලෝන් හාඩ්වෙයාර් යන ආයතනවල සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
කතරගම දෙයිවානයි අම්මාන් දේවස්ථාන පරිපාලන මණ්ඩලය, FEDARATION OF COMMERCE සහ NATIONAL ARBIRTATION BOARD සාමාජිකයකු ලෙස සේවය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම පංචාංග දින දර්ශනයේ සහ එය එලිදක්වන ලද ලීලා සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සාම විනිසුරු ඇස්. ටී. සින්නදූරේ මහතාගේි පුත්‍රයකතු වන සින්නදුරේ අරුලානන්දන් මහතා ස්වකීය පියාගේ අනුශාසනා හා මඟ පෙන්වීම යටතේ ලීලා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දූරය හොබවමින් හින්දු කතෝලික ඉස්ලාම් ආදී සියලු ආගමික සිද්ධස්ථානවලට උපකාර කරමින් ජාතික සමගිය ආගමික සහජීවනය වෙනුවෙන් සුවිශේශීව සේවාවන් රැසක් සිදුකර තිබේ.
ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න (රෙස්ට්කේට්) මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට (01) පස්වරු 2.00ට බොරැල්ල හින්දු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.