Tuesday, April 22, 2025
Home » IMF දූත මණ්ඩල ප්‍රධානී ලබන සතියේ මෙරටට

IMF දූත මණ්ඩල ප්‍රධානී ලබන සතියේ මෙරටට

-තෙවැනි ණය වාරිකය නිදහස් කරගැනීමට සාකච්ඡා

by sachintha
September 30, 2024 3:45 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතය. වසර 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවක පැවැති රජය එකඟතාවකට පැමිණ තිබිණි. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් මෙරටට ලබා දීමට තීරණය කරන ලදී.

එම තීරණයට අනුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට එළඹිණි. එහි ප්‍රතිඵලයක් ලෙස වරින් වර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් මෙරටට පැමිණ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමක් සිදු කරයි. එම එකඟතාවන් අනුව මේ වන විට ශ්‍රී ලංකාවට ණය වාරික දෙකක් නිදහස් කොට ඇත.

තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමේ සැසිය ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව බලයට පත්වූ නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන රජයේ නියෝජිතයන්, මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීහු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රධාන උසස් නිලධාරීහු මෙම සංචාරයේදී මුණ ගැසී කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා ජාතිය අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සහ ඔවුන් සමඟ එකඟවී ඇති වැඩපිළිවෙළ යම් යම් වෙනස් කරමින් සමාලෝචනයට භාජනය කොට ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බව සඳහන් කළේය. “අපිට ඕන දූෂණය නැති කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්. ඒ සමඟින් රජයේ විශ්වසනීයත්වය සහ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යනු ඇතැයි ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

අයි.එම්.එෆ් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට යම් යම් දර්ශක සහ මිණුම් ලබා දී ඇත. විශේෂයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමේදී අනුගමනය කළ යුතු බදු, බදු ප්‍රතිශත සහ බදු ඉලක්ක පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළා. ඒ අනුව ගිවිසුමට හානියක් නොවන ආකාරයට දුප්පත් ජනතාව මත අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව එම ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයිද මහාචාර්යවරයා කීය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT