මහ මැතිවරණයේදී දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමඟ එක් වී සන්ධානයක් වශයෙන් තරග කිරීමට… (29) දින එකඟතාව පළ කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසීය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ (29) දින කොළඹදී සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එම සාකච්ඡාවට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු තමන් සහභාගි වූ බවත්, ඒ අනුව මහ මැතිවරණයේදී සජබය සමඟ එක් වී තරග කිරීමට කැමැත්ත පළ කළ බවත් පලනි දිගම්බරම් මහතා පැවසීය.
සමගි ජන බලවේගය සමඟ එක් වී තරග කිරීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානය හැරගිය මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම වේළුකුමාර් මහතා සමගි ජන බලවේගයට එක් කර නොගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තම සන්ධානයට පොරොන්දු වූ බව ද පලනි දිගම්බරම් මහතා පැවසීය.
හැටන් රංජිත් රාජපක්ෂ