Home » ප්‍රභූ ආරක්ෂකයන්ගේ පෙලඹවීමේ දීමනාව නවත්වා නෑ

ප්‍රභූ ආරක්ෂකයන්ගේ පෙලඹවීමේ දීමනාව නවත්වා නෑ

-ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි

by sachintha
September 30, 2024 12:43 am 0 comment

ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබාදෙන පෙලඹවීමේ දීමනාව සම්පූර්ණයෙන්ම නවතා ඇති බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි. ප්‍රභූ ආරක්ෂක රාජකාරින් සඳහා යොමුකර කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්… වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කරුණු ප්‍රචාරණය වී තිබෙන නමුත් ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 2024 සැප්තැම්බර් මස 22 වැනි දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 වන දින දක්වා පමණක් ලබා දී ඇති බවයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බැව් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT