Tuesday, April 22, 2025
Home » කොටස් වෙළෙඳ පොළේ 7%ක වර්ධනයක්

කොටස් වෙළෙඳ පොළේ 7%ක වර්ධනයක්

by sachintha
September 30, 2024 12:43 am 0 comment

පසුගිය 21 දා පැවති ජනාධිපතිවරණයෙන් පසුව රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීමත් සමඟ සියයට 7ක වර්ධනයක් අත්කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වී පළමු සතිය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 25.61කින් ඉහළ ගොස් ඇත. පසුගිය 27 දා ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,773.88ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,409.90ක් ලෙසත් සටහන්ව තිබිණි. රුපියල් බිලියන 2.94ක ගනුදෙනු පිරිවැටුමක් ද එදින වාර්තා විය.

2024 ජනාධිපතිවරණයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූ පළමු සතිය මෙය වන අතර එහි දී සියලු කොටස් මිල දර්ශකයට අනුව මෙම සතිය තුළ සියයට 7.36ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරණයට පෙර අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය සැප්තැම්බර් 20 සිකුරාදා දින නිමාවේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,966.51ක් ලෙසින් වාර්තා වූ අතර එය ජනාධිපතිවරණයෙන් පසු පළමු ගනුදෙනු සතිය වූ මෙම සතියේ දින 5 තුළ ඒකක 807.37කින් ඉහළ ගොස් ඇත. සමස්තයක් ලෙස 2024 වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ සියයට 10.51ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT