48
ආපනශාලා කෑම වර්ගවල මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පවසයි.
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙලෙස මිල ගණන් පහත දමන බව කී ඒ මහතා ඒ අනුව බිත්තර කෑම, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40කින් අඩු කෙරෙන බවද පැවසීය. එමෙන්ම බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිත බවත් බිත්තර රොටියක මිල ද රුපියල් 30කින් පහත දමන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
සුභාෂිණී සේනානායක