294
රාගම පොලීසිය ඊයේ සවස ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 15ත් 19ත් අතර බාලවයස්කාර පිරිමි ළමුන් 16 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගවෙල කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගරාජයක රහසිගතව මෙම සාදය පවත්වා ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර ඇත.
මෙම සිසුන් කොටහේන, බ්ලූමැන්ඩල්, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පදිංචි සිසුන් වන අතර ඔවුන් එම ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින බව වාර්තා වේ.
පොලීසිය පවසන පරිදි, මෙම සිසුන් කලක සිට මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදී සිට ඇති බවයි.
මෙම සැකකරුවන් රාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.