Monday, April 21, 2025
Home » නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය ගණන 175ක් දක්වා ඉහළට

නේපාලයේ ගංවතුර හා නායයෑම් වලින් මියගිය ගණන 175ක් දක්වා ඉහළට

by chanaka
September 30, 2024 2:59 pm 0 comment

නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මණ්ඩු අගනුවර අවට ප්‍රදේශයට දින දෙකක් පුරා පැවති දැඩි වර්ෂාපතනයකින් පසු මෙම ගංවතුර තත්වය හට ගැණුනි.

50 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව බලධාරීන් පවසයි.

මීට අමතරව ගංවතර හේතුවෙන් නිවාස වල සිරවී සිටි පුද්ගලයන් 4000ට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී තිබේ.

අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදුව තිබේ.

මේ වනවිට ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිදුවූ හානිය ඇමරිකා ඩොලර් මිලියන 32.6 කට ආසන්නයි.

ගංවතුර හේතුවෙන් මෙගාවොට් 625.96 ක ඒකාබද්ධ ජනන ධාරිතාවක් සහිත ජලවිදුලි බලාගාර 11 කට හානි සිදුවී ඇති අතර අනෙකුත් බලාගාර වසා දැමීමට සිදුවුණි. මේ හේතුවෙන් රටෙන් තුනෙන් දෙකකටම විදුලිය ඇණ හිට තිබේ.

අධික වැසි තවදුරටත් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි බලධාරීන් පවසයි.

පොලිස් නිලධාරීන්, ස්වේච්ඡා සේවකයන් සහ හමුදා සාමාජිකයින් 10,000 ක් පමණ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට යොදවා තිබෙන බව නේපාල රජය මාධ්‍ය වාර්තා කර ඇත.

අනවශ්‍ය ගමන්වලින් වළකින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කත්මණ්ඩු නිම්නයේ රාත්‍රියේ රිය පැදවීමද තහනම් කර තිබේ.

ගුවන් ගමන්වලට ද බලපෑම් එල්ල විය. මෝසම් සමය සෑම වසරකම නේපාලයේ ගංවතුර සහ නායයෑම් ඇති කරන අතර මේ වසරේ එම තත්වය වඩා බරපතල වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT