Home » ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්

by yasara
September 30, 2024 3:10 pm 0 comment

heavy rain

අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් තිබෙයි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

WW_T_20240930SN_merged

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT