Home » මුං ඇට බෝග අස්වැන්නට පණු රෝගයක්

මුං ඇට බෝග අස්වැන්නට පණු රෝගයක්

by chanaka
September 30, 2024 1:16 pm 0 comment

මුං ඇට බෝග සඳහා හට ගෙන ඇති පණු රෝගයක් හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ වගාවන් හී අස්වැන්නට හානි සිදුවෙමින් පවතින බව ගොවීහු පවසති.

මෙම පණුවන් සඳහා සතියෙන් සතිය පමණ නොයෙකුත් තෙල් වර්ග ඉසීමට ගොවීන් කටයුතු කරනු ලබන අතර ඒ සඳහා විශාල වියදමක් දැරීමටද ගොවීන්ට සිදුව ඇත.

එක සතියක් තෙල් නොගැසුව හොත් මෙම පණු රෝගය විශාල වශයෙන් ව්‍යාප්ත වන බවද ගොවීන් පෙන්වා දෙයි.

මැද කන්නේ වෙනුවෙන් ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව මුං ඇට වගා කළ ගොවීන් මේ වන විටත් වගාවෙහි අස්වනු නෙලමින් සිටින අතර ගොවීන් මුං ඇට වගාව වෙනුවෙන් යෙදවූ කාලය සහ ශ්‍රමය ධනය අපතේ යා හැකි තරමට මෙම පණු උවදුර බලපා ඇති බව පෙන්වා දෙන ගොවීන් පවසන්නේ මෙලෙස මුං ඇට වගාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති මෙම පණු විශේෂය බඩ ඉරිඟු වගාවට වැළඳෙන සේනා දළඹුවාට සමාන පණුවෙකු ලෙස වගා භූමි වනසා දමන බවයි.

ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව නිකවැව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාවටම මුං ඇට අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස වගාකළ ගොවීන්ට මෙම බලපෑම එල්ල වීමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි. මේ සඳහා රජය මැදිහත්ව විසදුමක් ලබා දෙන ලෙස ගොවින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT