Monday, April 21, 2025
Home » මෙරට ධීවරයින් රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට

මෙරට ධීවරයින් රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට

by chanaka
September 30, 2024 10:57 am 0 comment

මෙරට ධීවරයින් 5 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදි අනතුරට පත්ව තිබේ.

පසුගිය 26 වැනිදා එලෙස අනතුරට පත්ව ඇත්තේ, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය – රන්මුතු දුව 10 – නැමැති ධීවර යාත්‍රාවය.

ඔවුන් පසුගිය 12 වැනිදා ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබුණි.

එම ධීවරයින් යාත්‍රාවේ හිමිකරුට දන්වා ඇත්තේ, අනතුරට ලක්වූ යාත්‍රාව මේ වන විට ඉන්දියාව දෙසට පාවෙමින් පවතින බවය.

අනතුරට ලක්ව ඇති ධීවර යාත්‍රාවට සහාය වීම සඳහා වෙනත් යාත්‍රාවක් ද මේ වනවිට එම මුහුදු ප්‍රදේශයට පිටත් කර යවා තිබෙන බවයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කළ බව, ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT